අප ගැන

ලංකා ස්වාධීන ගුරු සේවා සංගමය ආරම්භ වූයේ 2015 නොවැම්බර් මාසයේ දී ය.එය ආරම්භ කරන ලද්දේ පළාත් සභා කිහිපයක් විසින් ගුරු පත්වීම් ලබා දීමේදී ගුරු සේවා ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරමින් , ඔවුන් පිහිටුවිය යුතු ශ්‍රේණියට පහළ ශ්‍රේණියක පිහිටුවාඅඩු වැටුපක් ගෙවීමට එරෙහිව මානව හිමිකම් කොමිසමේ අවධානය යොමු කරවාලද ජයග්‍රණයේ ප්‍රතිඵලයක් ලෙසය.

ලංකා ස්වාධීන ගුරු සේවා සංගමය කිසිදු දේශපාලන පක්ෂයක අත්කොලුවක් නොවේ.එය කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැත.කිසිදු දේශපාලන පක්ෂයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු නොකරයි. වච්නයේ පරිසමාප්තාර්ථයෙන්ම ස්වාධීන ගුරු සංගමයකි.එයට හේතුව දේශපාලන පක්ෂයක අත කොලුවක් ලෙස වෘත්තීය සමිතියක් ගොඩනැගුණු විය ,එය එම වෘත්තිකයන්ගේ අවශ්‍යතාවන්ට වඩා පක්ෂයේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කිරීමට සිදුවීම යි.

ලංකා ස්වාධීන ගුරු සේවා සංගමය ගුරුවරුන්ගේ එදිනෙදා වෘත්තීය ගැටලු නිරාකරණය කර ගැනීම සදහා අත හිත දෙන සංවිධානය කි. නිදසුන් ලෙස, වැටුප් ගැටලු ,නිවාඩු සම්බන්ධ ගැටලු ,පුද්ගලික ලිපි ගොනුව හා සම්බන්ධ ගැටලු,විනය ගැටලු ආදියේ දී ගුරුවරයාට පමණක් නොව කලාප කාර්‍යාලවලට ද අවශ්‍ය තොරතුරු ලබා දීමට අප කටයුතු කර තිබීම පෙන්වාදීමට පුලුවන. ගුරුවරුන්ට අවශ්‍ය වන්නේ ද එවැනි වෘත්තීය සමිතියක් බව ගුරුවරුන් වැඩි දෙනෙකුගේ පිලිගැනීමයි